Click Here

Wednesday, November 6, 2013

X-Men: The Last Stand (2006)


එක්සේවියර්ගේ පාසලේ හිටපු ශිෂ්‍යයෙක් සහ විපරිත කටයුතු සම්බන්ද ලේකම් වෙන ආචාර්ය හෑන්ක් මැක්කෝයි විදිහට කෙල්සි ග්‍රැමර් ද, වෝරන් වර්තින්ටන් විදිහට බෙන් ෆොස්ටර් ද, එරික්ගේ කණ්ඩායමේ සිටින ජගර්නෝට් විදිහට ඈරන් ස්ටැන්ෆර්ඩ් ද, ජැමී මැඩ්‍රොක්ස් විදිහට එරික් ඩේන් ද රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටිය නිකුත්කරේ නම් 2006 වසරේ මැයි 26. බෙදා හැරීම වෙනදා වගේම 20th Century Fox සමාගම තමයි. මේක IMDb එකේ නම් 6.8ක අගයක් රදවගෙන තියෙනවා. මේක තමයි ඒ වසරේ නිකුත්වෙච්ච අධිකම වියදමක් දරලා නිපදවපු චිත්‍රපටිය. වියදම නම් ඩොලර් මිලියන 210ක්. පෙන්නලා උපයා ගත්ත මුදල ඩොලර් මිලියන 459ක්. වැඩේ හොදයි නේ… කතාවත් පොඩ්ඩක් විතර කියලා දාන්නම්කෝ…
කතාව පටන්ගන්නෙ වසර 20ක අතීතයෙන්. චාර්ල්ස් සහ එරික් යනවා ජීන්ගේ ගෙදරට, ගිහිල්ලා එයාගේ බලය ගැන එයාට පැහැදිලි කරලා චාර්ල්ස්ගේ පාසලට එක්කගෙන එන්න. ඊට පස්සේ පෙන්නන්නේ, වසර 10ක අතීතය. එතෙන්දි පුංචි වෝරන් වර්තින්ටන් එයා විපරිතයෙක් කියලා එයාගේ තාත්තා දැනගන්න කලින් එයාගේ පිටේ තියෙන තටු කපලා දානවා. ඊට පස්සේ පෙන්නන්නේ වර්තමානය. කොහොම හරි වර්තමානයේදී මේ විපරිතයන්ගේ ජාන විකෘතිය සුව කරන්න පුලුවන්, ඒ කියන්නේ ඔවුන්ගේ විකෘතියට හේතුවෙන X ජානය යටපත් කරන්න පුලුවන් බෙහෙතක් හොයාගන්නවා. හැබැයි ඒ බෙහෙත ලැබෙන්නෙත් විපරිතයෙක්ගෙන්මයි. ඉතින් මේ ආරංචිය දැනගත්තාම එරික් මේ බෙහෙතට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. විශේෂම දේ තමයි X2 චිත්‍රපටියේ අන්තිමට අර වතුර කදට අහුවෙච්ච ජීන් ආපසු පැමිණීම. හැබැයි ඒ ජීන් විදිහට නෙවෙයි. ෆීනික්ස් විදිහට…. මම කතාව තවත් කියන්න යන්නේ නෑ. ඔයාලම බාගත කරගෙන බලන්න.
Download 650MB Movie File

No comments:

Post a Comment